23 ශ්‍රී ලාංකික කමාන්ඩෝ රෙජිමෙන්තුවේ සෙබලුන් හතර දෙනාගේ මහ මුහුදේ දින හතලිස් පහක විශ්මිත දිවි ගලවාගැනීම 24
අදුර වැටීමෙන් පසුව තම සගයන්ට කුටිය තුල රැදී සිටින්නට යැයි පවසා ධීවරයන්ට රහසින් කෝකියා සොයායන ගීතදේව, බෝට්ටු හිමියා සහ සෙසු ධීවරයන් පිලිබදව තම පිරිසට කිසිදු විස්වාසයක් නොමැති බවත්, යම්කිසි උපකාරයක් බලාපොරොත්තු වියහැකි තමන් දන්නා එකම පුද්ගලයා ඔහු බැවින් තම පිරිස ලගම ඇති පොලිස් ස්ථානය වෙත රැගෙන යන ලෙස බැගෑපත්ව ඉල්ලා සිටිනවා.
පහත් හඩින් කතා කරනමෙන් අතින් සන්කරන කෝකියා, තමන් මියන්මාර් ජාතිකයෙකු බවත් , තායි ජාතිකයන් විසින් සිදුකරනු ලබන අවටියල් ක්‍රියාවන්ට තමන්ගේ සම්බන්ධයක් හෝ කැමැත්තක් නොමැති බවත්, ගීතදේව තමන්ව සොයා නොපැමිණියත් සුදුසු අවස්ථාව එළබුන පසුව සෙබළුන් වෙත පැමින මේ පිලිබදව දැනුවත් කිරීමට සිටි බවත් , ධිවරයන්ගේ අවධානයට තමන් ලක්වීම වලක්වාගැනීමේ අරමුණෙන් දහවල ආහාර පිලිගන්වන අවස්ථාවේ තමන්හා කතා නොකරන ලෙස ඉල්ලා සිටි බවත්, තමන් දැන් කියන්නට යන රහස ඇසීමෙන් පසුව ධීවරයන්ගෙන් ඒ පිළිබදව විමසන්ට හෝ ඔවුන් හා දබර කිරීමට ගියහොත් තමන්ගේ ජීවිතයට පවා තර්ජනයක් ඇති වියහැකි බැවින් එසේ නොකරන බවට පොරොන්දුවන මෙන් ඉල්ලා සිටිනවා.
තමන් හෝ තම සගයන් තිදෙනා ඔහු පවසන ආකාරයට ක්රීයාකරනවා හැර , ඔහුට අගතියක් වන කිසිවක් නොකරන බවටත් , කෙසේ හෝ තමන්ව පොලිස් ස්ථානයකට රැගෙන යන ලෙසත් පෙරටත් වඩා බැගෑපත් හඩින් ඉල්ලා සිටිනවා.
පොලිස් ස්ථානයක් කරා ඔවුන්ව රැගෙන යෑම හෝ වෙනත් කිසිදු ක්රීයාවකට තමන්ට සෘජුවම මැදිහත් වීමට නොහැකි බවත්, බෝට්ටුවෙන් ජැටියට බැස වරායෙන් ඉවතට පලාගොස් පොලිස් ස්ථානයක් සොයාගන යෑම සෙබලුන් සිව්දෙනාට තනිවම සිදුකරන්නට වන බවත්, වරාය තුල සිටින මිනිසුන්ගෙන් උදව් ඉල්ලීමේ අවධානමක් ඇති බවත්, ඔවුන්ගෙන් හැකිතරම් වසන්ව වරායෙන් පිටතට ගොස් , නගරයේදි හමුවන ආගන්තුකයෙකුගේ උදව්වෙන් පොලිස් ස්ථානය සොයාගන ගමන් කරන ලෙසට පවසනවා.
මහ මුහුද මැද මියයමින් සිටී තමන්ට ජීවිතය ලබාදුන් ඒ මිනිසුන් තවදුරටත් තම පිරිස බෝට්ටුව තුල රදවා තබාගන සිටීමට හේතුව සහ තමන්ගේ වගකීමෙන් නිදහස් වීමට තිබෙන පහසු ක්‍රමයවන බළධාරියෙකුට තමන්ව බාරදීම සිදුනොකොට, බෝට්ටු හිමියාගේ මුදලින් ගුවන් ටිකට් පත් සහ අනෙකුත් ලියකියවිලි සකස් කරන්නේ මන්දැයි විමසන ගීතදේව අමතන මීයන්මාර් කෝකියා.
නව මුහුදු ගමනක් සදහා තායි ජාතික ධීවරයන් කණ්ඩාමක් එම රාත්‍රියේ බෝට්ටුවට පැමිණෙන බවත් , පසුදා උදෑසන තමන් ඇතුළු දැනට සිටිනා කණ්ඩායම බෝට්ටුවෙන් පිටවී ගිය පසු මසුන් ඇල්ලීම සදහා දියත්කරන බෝට්ටුව පළමුව මුහුද මැද දූපතක පිහිටි බෝට්ටු හිමියාට අයත් කරවල වාඩියකට එදින පැටවූ මාළු රැගෙන යන බවත් , සෙබලුන් සිව්දෙනාවත් රැගෙන ගොස් එම කරවල වාඩියේ රදවා වහල් සේවයේ යෙදවීමට බොට්ටු හිමියා සැලසුම් කොට ඇති බවත්, දැනට සිටින සහ එදින පැමිනෙන ධීවරයන් එක්ව රාත්‍රියේ මත්පැන් සාදයක් පවත්වන බවත්, සාදය උච්චතම අවස්ථාවට එළබී සෙබලුන් කෙරෙහි අවධානය ධිවරයන්ගෙන් ගිලිහෙන මොහොතේදී බෝට්ටුවෙන් පලායන ලෙසත් පවසනවා.
හැගුම්බරව අරක්කැමියා වැළදගන්නා ගීතදේව ඔහුට බෙහෙවින් තුතිකොට තම සගයන් කරා පැමින අරක්කැමියා පැවසු සියල්ල ඔවුන්ට පවසා බෝට්ටුවෙන් පලායෑමට සුදුසු මොහොත එළැබෙනතෙක් බලා සිටිනවා.
මධ්‍යම රාත්‍රීයට ආසන්න වනවිට බෝට්ටුවේ ඉදිරිපස හිදගන මත්පැන් පානය කරන ධීවරයන්ට තමන්ව අමතකව ඇති බවත්, ඔවුන් පිටතට පැමිනෙනවාදැයි නිරීක්ෂණය කරමින් කුටියට ඉහල ඩෙක්එක මත සිටි ධීවරයාද සෙසු පිරිස හා එක්ව මත්පැන් පානය කරනබව දකින සෙබලුන් සිව්දෙනා කුටියෙන් පිටතට පැමින බෝට්ටු තට්ටුව දිගේ බඩගා ජැටියට බැස බෝට්ටුවට තරමක් පසුපසින් ජැටියේ සිට ඉවතට වැටී ඇති මාර්ගයට හඩ නොනැගෙන පරිද්දෙන් පිවිසීම පලපුරුදු කමාන්ඩෝ සෙබලුන් සිව්දෙනාට අපහසු කාර්ය්යක් නොවුනත්, මාර්ගයට පිවිස දිවයෑමට උත්සාහ කිරීමේදී සිව්දෙනාම වරින්වර ඇදවැටන්නේ ශරීර ශක්තිය හීනවී ඇති නිසා මෙන්ම දිගුකලක් ඇවිදින්නට නොලැබීම නිසා ඇතිවන නුහුරු බවිනි.
අවනත නැති දෙපාවලින් අපහසුවෙන් වරාය පරිශ්‍රයෙන් ඉවතට යන සෙබලුන් සිව්දෙනාට කිසිවෙකුත් හමුනොවන්නේ මධ්‍යම රාත්‍රීය නිසා මාර්ගය දෙපස තිබෙන වෙළදසැල් වසා ඇති බැවිනි, තව දුරටත් ඉදිරියට ගමන් කරනවිට හමුවන ප්‍රධාන මාර්ගයේ දෙපස අහස දෙස බලන සෙබලුන් අහස වැඩියෙන් දීප්තිමත්ව ඇත්තේ නගරය පිහිටි පැත්තේ බව උපකල්පනය කොට ප්‍රධාන මාර්ගය දිගේ ඒදෙසට ගමන් කරන්නට පටන්ගන්නවා. මාර්ගයේ වේගයෙන් ගමන් කරන වාහන හැරුනු කොට ඉදහිට පාරේ හමුවන මිනිසුන්ගෙන් පොලිස් ස්ථානය තිබෙන්නේ කුමන ඉසව්වකදැයි විමසූවද , සෙබළුන් විමසන්නේ කුමක්දැයි තමන්ට නොතේරෙන බව සන්කරන මිනිසුන් සෙබළුන්ගෙන් පසුකොට ඇවිදයනවා.
මාර්ගයේ අනෙක් පස තරමක් ඈතින් පිහිටි කඩපෙළක එක් වෙළදසැලක් විවෘර්ත කොට විදුලි පහන් දල්වා තිබෙනු දකින සෙබලුන් සිව්දෙනා හනිකට මාර්ගයේ අනෙක් පසට මාරුවෙමින් වෙළදසැල වෙතට පියනගන්නට පටන්ගන්නවා.
වෙළදසැලට සමීපවනවිට එය පත්තර වෙළදසැලක් බවත්, සමවයසේ තරුණයන් තිදෙනෙක් පසුදින අලෙවී කරන පත්තර මිටි කපා කොටස් එක්කර අලෙවියට සූදානම් කරන අයුරුත් දකිමින් වෙළදසැලට ඇතුලුවෙන සෙබලුන් සිව්දෙනා බිම හිදගන්නේ පුහුණු සැසිවාරයන්වල කිලෝමීටර් විස්සකටත් වඩා සරඔ කරමින් දිවයෑමේදී හෝ සතුරු භුමිය තුල නොකඩවා කිලෝමීටර් තිහ හතලිහ ඇවිදයාමේදී දැනුන වෙහෙසටත් වඩා දැඩි වෙහෙසක් වැහැරී ඇති සිරුරෙන් දැනුන බැවිනි.
වචන ගැටගසා ගැනීමට හැකි මට්ටමෙන් වෙහෙස නිවාගැනීමෙන් අනතුරුව පත්තර වෙළද සැලේ තරුණයන් තිදෙනාට , ගීතදේව සහ අල්විස් තමන්ගේ රාජකාරි හැදුනුම්පත් පෙන්වමින් තමන් ශ්‍රී ලංකා යුද හමුදාවේ කමාන්ඩෝ සෙබලුන් බවටත් , මෙහෙයුමක් අතරතුරේ මුහුදේ ගසාගන පැමිණ තායිලන්තයට ගොඩබැස්ස බවටත් කෙටියෙන් පවසා, තම පිරිස ලගම තිබෙන පොලිස් ස්ථානයකරා රැගෙන යනමෙන් ඉල්ලා සිටිනවා.
ඉංග්‍රීසි බස හැසිරවීමේ හැකියාව ඇති තරුණයන් තිදෙනාගෙන් කෙනෙක් කලබල නොවී සන්සුන්ව සිටින මෙන් පවසා මේසය මත තිබෙන අංක කරකවන පැරණි දුරකථනයකින් තායිලන්ත භාෂාවෙන් කාටහෝ අමතන අතරේ , වෙළදසැල තුලට යන එක් තරුණයෙක් වතුර බෝතල් දෙකක් රැගෙන එනවා, බිම වැටී වැතිර සිටින බණ්ඩාර සහ සුමනදාසව පත්තර තට්ටුවකට හේත්තු කරන අනෙක් තරුණයා ඔවුන් දෙදෙනාට මිතුරා රැගෙන පැමිනෙන වතුර බෝතයක් පොවන අතරේ , වතුර රැගෙන පැමිණි තරුණයා ගීතදේවට දිගුකරන ජල බෝතලය ගීතදේව විසින් තම ජේෂ්ඨ සාමාජිකයාවන අල්විස්ට ලබාදෙනවා, ඉන් අඩකටත් අඩුවෙන් පානය කරන අල්විස් විසින් ලබාදෙන වතුර බෝතලය ගීතදේව විසින් පානය කරනු ලබනවා.
වැඩි වේළාවක් යන්නට මත්තෙන් පැමිණ වෙළදසැල ඉදිරියේ නවත්වන කාර් රථයට සෙබලුන් සිව්දෙනාව වත්තං කරගන රැගෙන එන මානූෂීය ගුණාංගයන්ගෙන් පරිපූර්ණ තායිලන්ත තරුණයන් තිදෙනා කැබ් රථයට ඔවුන්ව නංවනවා, රියැදුරු අසුන ලගට යන දුරකථන ඇමතුමගත් තරුණයා තම පසුම්බියෙන් රැගත් යම්කිසි මුදලක් රියැදුරුට ලබාදී , ආගන්තුකයන් සීව්දෙනාව රැනෝන්ග් පොලිස් ස්ථානය කරා සුරක්ෂිතව රැගෙන යන ලෙස පවසනවා.
Comments
Post a Comment