23 ශ්‍රී ලාංකික කමාන්ඩෝ රෙජිමෙන්තුවේ සෙබලුන් හතර දෙනාගේ මහ මුහුදේ දින හතලිස් පහක විශ්මිත දිවි ගලවාගැනීම 24
අදුර වැටීමෙන් පසුව තම සගයන්ට කුටිය තුල රැදී සිටින්නට යැයි පවසා ධීවරයන්ට රහසින් කෝකියා සොයායන ගීතදේව, බෝට්ටු හිමියා සහ සෙසු ධීවරයන් පිලිබදව තම පිරිසට කිසිදු විස්වාසයක් නොමැති බවත්, යම්කිසි උපකාරයක් බලාපොරොත්තු වියහැකි තමන් දන්නා එකම පුද්ගලයා ඔහු බැවින් තම පිරිස ලගම ඇති පොලිස් ස්ථානය වෙත රැගෙන යන ලෙස බැගෑපත්ව ඉල්ලා සිටිනවා. පහත් හඩින් කතා කරනමෙන් අතින් සන්කරන කෝකියා, තමන් මියන්මාර් ජාතිකයෙකු බවත් , තායි ජාතිකයන් විසින් සිදුකරනු ලබන අවටියල් ක්‍රියාවන්ට තමන්ගේ සම්බන්ධයක් හෝ කැමැත්තක් නොමැති බවත්, ගීතදේව තමන්ව සොයා නොපැමිණියත් සුදුසු අවස්ථාව එළබුන පසුව සෙබළුන් වෙත පැමින මේ පිලිබදව දැනුවත් කිරීමට සිටි බවත් , ධිවරයන්ගේ අවධානයට තමන් ලක්වීම වලක්වාගැනීමේ අරමුණෙන් දහවල ආහාර පිලිගන්වන අවස්ථාවේ තමන්හා කතා නොකරන ලෙස ඉල්ලා සිටි බවත්, තමන් දැන් කියන්නට යන රහස ඇසීමෙන් පසුව ධීවරයන්ගෙන් ඒ පිළිබදව විමසන්ට හෝ ඔවුන් හා දබර කිරීමට ගියහොත් තමන්ගේ ජීවිතයට පවා තර්ජනයක් ඇති වියහැකි බැවින් එසේ නොකරන බවට පොරොන්දුවන මෙන් ඉල්ලා සිටිනවා. තමන් හෝ තම සගයන් තිදෙනා ඔහු පවසන ආකාරයට ක්‍ර...